චීනයෙන් ආ ස්මාට්ෆෝනයක් දැන් අයිෆෝනය මෙන්ම වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.. එය XIAOMI වේ, එහි අලුත්ම මාදිලිය MI3 පසුගිය Oct/14 වෙනිදා එලිදැක්විය.
පළමු විනාඩි 1.5 (90s) තුල පමණක් ස්මාට්ෆෝන් ලක්ශයක් විකිනී ගියේය.
අද චීනයේ smartphone වෙලදපොලේ xiaomi පන්ගුව 5කි, Iphone පන්ගුව 4.8කි.
මෙම සමාගම මීට අවු. 3කට පෙර ආරම්භ කර ඇත , 2012 දී පමනක් smartphone මිලියන 7.19ක් විකුනා ඇත. 2013 2වන කාර්තුව වන විට මිලියන 7.03ක් විකුනා ඇත.
Xiaomi ලාභ පන්නයේ චීන smartphoneයක් නොවේ, එය ඉතා උසස් මට්ටමේ hardaware ඇති නූතන එකකි.
එහි ප්‍රචලිතම මෝස්තරය වන Red rice හි ඇත්තේ Mediatek Quadcore processor කි , 4.7" 720p Display/ 1GB Ram තිබේ.
Xiaomi තුල ඇත්තේ Android වුවද එය විශේශ එකකි.එහි ඇති MIUI android interface එක සෑම සතියක් පාසාම අලුත් කෙරේ.ඒ xiaomi smartphone පාවිච්චි කරන්නන්ගේ යෝජනා අනුවය.ඒ අනුව දැන් xiaomi smartphone වලින් දුරකතන සන්වාද පටිගත කිරීමටද හැක.
Xiaomi smartphone සදහා apps ලබාගැනීමට MIUI Apps store තිබේ.xiaomi smartphone භාවිතාකරන්නන්ගෙන් 70% දෙනා apps download කරන්නේ මෙමගිනි..
දැනට Xiaomi විකිනීමට ඇත්තේ චීනයේ,තායිවානයේ හා හොන්කොන් වල පමණි.....
![]() |
Click here |
0 comments: